Thursday, March 21, 2019

හිමි සනරාමර

හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ
මිහිර දකිමි නිබඳේ

හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදු ගුණ ගීක
රසය විඳිමි නිබඳේ
රසය විඳිමි නිබඳේ

හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එච්. එම්. ජයවර්ධන

No comments: