Sunday, July 28, 2019

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ



මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

විසිතුරු මල් ලොව ගැන ඇල්මක් නැති
විසකුරු අතකින් නුඹත් නෙළාගෙන
පැස පුරවාදෝ
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මල් නුපුදන අත් වලින් වසන්වී
සුවඳ දිදී පුදසුනක රැඳෙන්නට
පින් මදිවාදෝ
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී ...///

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - නීලා වික්‍රමසිංහ

චිත්‍රය සුදුමැණේ විේසූරිය මහත්මියේ නිර්මාණයකි.

No comments: