Sunday, July 28, 2019

ඔබගෙ සෙවණේ රැඳෙණ සහනේ

ඔබගෙ සෙවණේ
රැඳෙණ සහනේ
දේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ
නොහිම් සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා

දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ
මුදු සීත සෙවණක් සොයා
රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා

ඔබගෙ සෙවණේ
රැඳෙණ සහනේ
දේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ
නොහිම් සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා

සිහිලෙන් ගිමන් නිවන සුවඳක් ලෙසින්
ඔබගේ පැතුම් සරසාලා
ඔබගේ ළඟින් නිබඳ ඉන්නම් ඉතින්
පහනක් ලෙසින් දැල්විලා

ඔබගෙ සෙවණේ
රැඳෙණ සහනේ
දේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ
නොහිම් සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: