Sunday, July 28, 2019

කිරි දී දිරි දී


කිරි දී දිරි දී සෙනහස දී
ණය වී ණය දී සුර සැප දී
දරුවන්ගෙන් නුඹ ලැබුවේ මොනවද
සතුට විතරමද අම්මේ
ඒ සතුට නුඹට නිවනට යන තුරා දැනේවී
නුඹ පිනෙන් පිරී
සංසාරේ
නිවන් දකීවී

හිත දී ළය දී රජකම දී
දුක් වී එක්වී අත් බැඳ දී
දරුවන්ගෙන් නුඹ ලැබුවේ මොනවද
සතුට විතරමද අම්මේ
ඒ සතුට නුඹට නිවනට යන තුරා දැනේවී
නුඹ පිනෙන් පිරී
සංසාරේ
නිවන් දකීවී

අත දී දිවි දී ගේ දොර දී
දන් දී පින් දී කදමලු දී
රුවන්ගෙන් නුඹ ලැබුවේ මොනවද
සතුට විතරමද අම්මේ
ඒ සතුට නුඹට නිවනට යන තුරා දැනේවී
නුඹ පිනෙන් පිරී
සංසාරේ
නිවන් දකීවී

නුඹ පිනෙන් පිරී
සංසාරේ
නිවන් දකීවී...///

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - මහින්ද දිසානායක
තනුව - ආචාර්ය රෝහණ විරසිංහ

No comments: