Sunday, July 28, 2019

මේ අවන්හලේ



මේ අවන්හලේ
සැඳෑ වෙලාවේ
රැඳෙන්නෙමී

ගී ගයා වයාලා
සිනා සලාලා
රඟන්නෙමී

මා ඔබ වගේම ලෝකේ
කඳුළු දුක් සිතේ ලා
දිවි ගෙවන්නෙමී
ඒ සුසුම් මගේ
ඔබේ සිනාවේ
නොලන්නෙමී

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී
සිනා සෙමී

මේ අවන්හලේ
සැඳෑ වෙලාවේ
රැඳෙන්නෙමී

ගී ගයා වයාලා
සිනා සලාලා
රඟන්නෙමී

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී
සිනා සෙමී

මා ලවන් දැලේ
බිඟුන් මුලාවී රැඳෙන්නෙපා

මා රැඟුම් ලතාවේ
නුවන් මුලාවී බැඳෙන්නෙපා ...//

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - කරුණාරත්න අබේසේකර
තනුව - නිමල් මෙන්ඩිස්

චිත්‍රය ේබියන් පාරෙස් ේ නිර්මාණයකි. (Art Painting by Fabian Perez)

No comments: