ඔබට පුදන්නම්
මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන්
ඔබ හට කළ හැකි නම් ....//
මගේ ඇසින් මට වඩා දකින්නට
නැණ බල ඇතිනම් ඇස් දන් දෙන්නම්
මා හිස ගෙන ලොව ජය ලද හැකිනම්
දෑතින් ගලවා හිස දන් දෙන්නම්
ඇස් ඉස් මස් ලේ
ඔබට පුදන්නම්
මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන්
ඔබ හට කළ හැකි නම් ....//
මා ලද මේ ඇස් ඉස් මස් ලේ ගෙන
ජීවිත දහසක් සනාථ කළ මැන
මිහිමඬලේ මා සැතපෙන්නට පෙර
මිනිසත් භවයේ ඵල මට දුන මැන
ඇස් ඉස් මස් ලේ
ඔබට පුදන්නම්
මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන්
ඔබ හට කළ හැකි නම් ....//
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
සංරක්ෂණය වී ඇති ගීයේ බිඳ වැටීම් කිහිපයක් ඇත. මෙය සුනිල් එදිරිසිංහයන්, තම ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට (1975) ගායනා කරන ලද්දකි. කවරෙකු හෝ සතුව වඩා යහපත් තත්වයේ පවතින ගීයක් ඇතොත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.
No comments:
Post a Comment