Thursday, May 21, 2020

සිනහ වෙනු මැන වේදනා පිසදා

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා ...//

වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත ...//
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා

කඳුළ දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම් ....//
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක




සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහන (1975) සඳහා ගැයුණු ගීයකි. 
1984 දී මෙම ගීය සින්ග්ලංකා සමාගමේ "පිනිබර යාමේ" කැසට් පටය ට ඇතුළත් විය. 1988 දී සින්ග්ලංකා "නෑසෙන ගී රස" සංයුක්ත තැටිය හා කැසට් පටයට ඇතුළත් විය.

No comments: