කිකිණි දැල් ගිගිරි වැල්
රසය ගල ගලා
හඬ ද ඒ එන්නෙ මේ
සුළඟෙ මුසු වෙලා
රසය ගල ගලා
හඬ ද ඒ එන්නෙ මේ
සුළඟෙ මුසු වෙලා
ඔබෙ වදන් සිහිකරන්
සිතට පිටුපපා
කවර නම් අමර නම්
කවර නම් අමර නම්
සිළිඳු මට එපා
සිසිල පොකුණු පිරීයන්
නොපිපි කැකුළු පිපීයන්.
නොපිපි කැකුළු පිපීයන්.
රුව මැවි මැවි පෙනීයන්
ඇයගෙ සුවඳ දැනීයන්
ඇයගෙ සුවඳ දැනීයන්
ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා
කිකිණි දැල් (හා ආ ආ ආ)
ගිගිරි වැල් (හා ආ ආ ආ)
රසය ගල ගලා (හාආආ හා ආ ආ ආ)
හඬ ද ඒ එන්නෙ මේ (හාආආ හාආආ)
සුළඟෙ මුසු වෙලා (හාආආ හා ආ ආ ආ)
හඬ ද ඒ එන්නෙ මේ (හාආආ හාආආ)
සුළඟෙ මුසු වෙලා (හාආආ හා ආ ආ ආ)
අඳුර එළිය වුණාවේ
වැල ලියලා ගියාවේ
වැල ලියලා ගියාවේ
මල් පෙති පිබිදුණා වේ
පෙර පින අද හිනාවේ
පෙර පින අද හිනාවේ
ජීවිතේ ජීවිතේ සිහින
එළි වෙලා
කිකිණි දැල් (හා ආ ආ ආ)
ගිගිරි වැල් (හා ආ ආ ආ)
රසය ගල ගලා (හාආආ හා ආ ආ ආ)
හඬ ද ඒ එන්නෙ මේ (හාආආ හාආආ)
සුළඟෙ මුසු වෙලා (හාආආ හාආආ ආ)
හඬ ද ඒ එන්නෙ මේ (හාආආ හාආආ)
සුළඟෙ මුසු වෙලා (හාආආ හාආආ ආ)
ඔබෙ වදන් සිහිකරන් (ම් ම් ම් ම්..)
සිතට පිටුපපා (ම්ම්ම් ම්ම්ම් ම්.)
කවර නම් අමර නම් (ම්ම්ම් ම්ම්ම්)
කවර නම් අමර නම් (ම්ම්ම් ම්ම්ම්)
සිළිඳු මට එපා (ම්ම්ම් ම්ම්ම් ම්.)
ගායනය - සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා) සහ ජේ.ඒ.
මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව
හා සංගීත අධ්‍යක්ෂණය – ටී. ෂෙල්ටන්
පෙරේරා
චිත්‍රපටිය
- සරුබිම (1967)
No comments:
Post a Comment