උදේ සුපිපුණු මලක් බඳූ
ළපටි අත පය හුඟක් මුදූ
අම්ම හරි ආදරෙන් හැදූ
මාගෙ නංගිගෙ නමයි සුදූ
අම්ම හරි ආදරෙන් හැදූ
මාගෙ නංගිගෙ නමයි සුදූ
උදේ සුපිපුණු මලක් බඳූ
චුට්ට වැරදුණ තැනදි බලා
සණ්ඩු වීලා කඳුළු සලා ....//
අඬ අඬා ඉඳ ටිකක් වෙලා
යාළු වෙයි යළි හිනාවෙලා ....//
උදේ සුපිපුණු මලක් බඳූ
හිතන දේවල් කොහොම හරී
ගන්නෙ තාත්තා ළඟට හැරී ...//
නංගි මගෙ ළඟ නැතුව බැරී
ඇයත් හරි මගෙ පණත් හරී ...//
උදේ සුපිපුණු මලක් බඳූ
ළපටි අත පය හුඟක් මුදූ
අම්ම හරි ආදරෙන් හැදූ
මාගෙ නංගිගෙ නමයි සුදූ
අම්ම හරි ආදරෙන් හැදූ
මාගෙ නංගිගෙ නමයි සුදූ
උදේ සුපිපුණු මලක් බඳූ
ගායනය - දමයන්ති එ්කනායක
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
No comments:
Post a Comment