Wednesday, January 16, 2019

අම්මාගෙ උකුළේ නැළවී

අම්මාගෙ උකුළේ නැළවී
තාත්තාත සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
ගතවීලා යයි මාගෙ බාලේ
අම්මාගෙ උකුළේ නැළවී

දෙගුරුන්ගෙ අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා ....//

ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා ....//
අම්මාගෙ උකුළේ නැළවී

ලංකාව රට මා උපන්න
මගෙ ජාතියේ නාමෙ ගන්න ....//

පුළුවන් තරම් වෙහෙස වන්න
පතමී හොඳින් මා හැදෙන්න ....//

අම්මාගෙ උකුළේ නැළවී
තාත්තාත සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
ගතවීලා යයි මාගෙ බාලේ
අම්මාගෙ උකුළේ නැළවී

ගායනය - දමයන්ති ඒකනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර 
තනුව - මොහමඩ් සාලි

No comments: