ගඟ ගලා යාදෙන්
අතීතේ
අතීතේ
උල්පතින් පැන නැග
ඉම නොදන්නා අනාගතයට
ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
සරැලි හසරැලි මුවග නංවා
වියරු බියකරු ගැඹුර හංගා
අයාලේ යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්
නිලන කදුවැටි නිම්න හැරදා
නිසරු නීරස සයුර සොයලා
මුලාවී යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්
ගඟ ගලා යාදෙන්
අතීතේ
අතීතේ
උල්පතින් පැන නැග
ඉම නොදන්නා අනාගතයට
ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - වෛද්‍ය ප්‍රභා කුමාර රාජගුරු
තනුව - දර්ශන රුවන් දිසානායක
No comments:
Post a Comment