Sunday, April 5, 2015

දෙපත් කපාගෙන වැටුණා

දෙපත් කපාගෙන වැටුණා
දූලි අකුණු මේඝ වලාවෝ
අසනි වැසි වැටුණාවේ
ගොරබිරම් රැලි
කඩු තුඩු මත සතපාලා
දල රළ පෙළ ඇවිත් හිනැහුණා
මේ ගොරබිරම් රැයේ

ම්..ම්....ම්....ම්.....ම්  ...ම්....ම්...ම්....ම්...//

මගේ නපුරු හීනේ
රුදුරු සිතිවිලි වග වලස් රෑන
හදවතම ගොදුරු කරගත්තා
අකුලක් නැසූ පඳුරුයි විතේ
මගේ පවට පින් කොයින්දෝ මන්දා

ම්..ම්....ම්....ම්.....ම්  ...ම්....ම්...ම්....ම්...//

සොඳුරු සෙත් කවියෙන් ජීවිතේ
මිතුරු සත්සර බිදී වැටුණා
ඇට මිදුලු රිදුම් දී කීතු කර
මා පෙළනා ප්‍රේමයක්
මා දවනා
ප්‍රේමයක්
මා රිදවනා
මේ සා විසල්
ප්‍රේමයක්
මගේ පවට පින් කොයින්දෝ මන්දා

දෙපත් කපාගෙන වැටුණා
දූලි අකුණු මේඝ වලාවෝ
අසනි වැසි වැටුණාවේ
ගොරබිරම් රැලි
කඩු තුඩු මත සතපාලා
දල රළ පෙළ ඇවිත් හිනැහුණා
මේ ගොරබිරම් රැයේ

ගායනය - අමරසිරි පීරිස්, සහය ඉන්දිකා උපමාලි
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
තනුව - සමන්ත පෙරේරා

No comments: