Sunday, April 5, 2015

ඒෂ්යා

හද අවුලන වැකි වදන් ලියූ
පුංචි පුංචි කඩදාසි කැබලි ලිපි
මැලවී වියළුණු ජෙරේනියම් මල
විතරද මා හට ඉතිරිවුණේ
කොහේද අද නුඹ ඇනා නිකොලෙව්නා
ඒෂ්යා ....

මිටියාවත වැද ඕක් ගසේ සෙවණේ
කැලෑ රෝස මල් පිපී වැනේ තවමත්
ඔබ මා දෙනුවන් හඳුනාගත්
රයින් නදිය ඉවුරේ
ඈෂ් ගසේ තද කොළ පැහැ කොළ අතරින්
දෙව් මව් පිළිරුව බලා සිටී
එදා වගේ දුක්බර දෑසින්

ඔබ පිළිරූ නිරතුරු මා පසු පස එයි
ඉරී ගිය පෙමින් බැලුම් හෙළූ
අනුපමේය නෙතු යුග නිවි නිවි දැල්වෙයි
ජෙරේනියම් මල මට දුන් මුදු අත
දිරා ගිහින්දෝ සොහොන් ගැබේ
ඔබ කොහේද අද ඇනා නිකොලෙව්නා
ඒෂ්යා ....

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා

No comments: