Saturday, April 4, 2015

දමා දොරගුලු

දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා

හද රුකෙහි ඔබ දෙව් දුවක සේ
අරක් ගෙන සිටි කාලයේ
දසත විහිදි අතු රිකිලි තුඟු
ගැණුනි මල් ඵල තුරු හිසේ

දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා

පලා ගියදා විමන හැරදා
මුදුන් මුල එහි සිඳ දමා
ඇද වැටුණි බිම මුලින් ඉදිරී
වියරු සුළඟට දිවි පුදා

දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා ....//

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා

No comments: