පාළු ප්‍රේම නගරයේ
නුවන් නිවන පහන් තරුව
වල්මත්වූ ජීවිතේ ....//
අහංකාර රෝස කැකුළු මානවිකාවෝ
ඔබ දුටු සඳ අඬති දොඩති
විළි වැද සැඟවී
මා හදවත් මරු කතරේ
අලංකාර නීලවාහිනී
සඳුන් සිහින සිහිල් අඳුන
පාළු ප්‍රේම නගරයේ
නුවන් නිවන පහන් තරුව
වල්මත්වූ ජීවිතේ
ඉන්දීවර නීල නයන
අහස් විලේ පිපී සැලේ
බඹර කළඹ සළඹ සලා
ඔබ සොයා ඇදේ
සඳුන් සිහින සිහිල් අඳුන
පාළු ප්‍රේම නගරයේ
නුවන් නිවන පහන් තරුව
වල්මත්වූ ජීවිතේ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - - ආචාර්ය වික්ටර් රත්නායක
1973 දී තිරගතවූ "මාතර ආච්චි" චිත්‍රපටියේ ගීයකි. ප්‍රථම වරට චිත්‍රපටයක යුග ගීයක් සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් පද වැල ගෙතෙන්නේ මේ ගීය වෙනුවෙන්ය.
No comments:
Post a Comment