Thursday, April 2, 2015

ගලන දිය ඇලි

ගලන දිය ඇලි සැළෙන ළා දළු
අතර ඇති ඉමිහිර සොයාලන

පිපෙන වන මල් සුමුදු පෙති මත
රුවක් ඇත අම රස ලබා දෙන ...//

තලාවේ වැලි තලාවේ
වලාවේ සුදු වලාවේ ..//
නීල තරු පොපියන වෙලාවේ
ඇඳෙයි රුව සිසි කලාවේ

ගලන දිය ඇලි සැළෙන ළා දළු
අතර ඇති ඉමිහිර සොයාලන

පිපෙන වන මල් සුමුදු පෙති මත
රුවක් ඇත අම රස ලබා දෙන ...//

නිසංසල වැලි තලාවේ
සුළං රැල්ලේ තුරු ලතාවේ
ගීත නද වෑහෙන වෙලාවේ
ඇඳෙයි රුව හද සරාවේ

ගලන දිය ඇලි සැළෙන ළා දළු
අතර ඇති ඉමිහිර සොයාලන

පිපෙන වන මල් සුමුදු පෙති මත
රුවක් ඇත අම රස ලබා දෙන ...//

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඩබ්.එම්.ටී. බණ්ඩාර
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: