හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
පරයන් රජ කරණු දැකැ දැකැ හිසැ මතැම
ඇහැ කන පියා හිඳුමැයි අද හෙළ දහම
විදෑ සොරුන් හට හෙළ රජ පෙළ මැකුණා
පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුණා
ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එළිය එන රන් දොරටුව වැහුණා
හෙළ වග නගන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට
පත්වන කල දවස මේ නම් අප වගට
තනි මම කුම් කරම් ජාතිය කළ පවට
තනි මම කුම් කරම් ජාතිය කළ පවට
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment