කඩා හැළෙනවා බුදු සමිඳේ
මෙත් සිලිලාරේ කරුණා ගංගා
ගලා බසිනවා භව කතරේ ...//
සත් කුළු පව්වෙන් සත් මහ සයුරෙන්
ඈත එපිට බුදු රැස් විහිදේ ...//
සත් පියුමන් මුනිඳුන්ට පිපීලා
සුවඳ ගලනවා සිරිපාදේ
සිත් සනහාලන මුතු වන් වරුසා
කඩා හැළෙනවා බුදු සමිඳේ
මෙත් සිලිලාරේ කරුණා ගංගා
ගලා බසිනවා භව කතරේ
ක්ලේෂ දවාලන රාග නිවාලන
ඔබ දැක ගන්නයි මා ආවේ ...//
නෙත් ලැබණා මට ඔබ දුටු පමණින්
දොරටුව හමුවේ නිවන් පුරේ
සිත් සනහාලන මුතු වන් වරුසා
කඩා හැළෙනවා බුදු සමිඳේ
මෙත් සිලිලාරේ කරුණා ගංගා
ගලා බසිනවා භව කතරේ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - තලංගම ප්‍රේමදාස
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment