රෑ කල පැලට වී හේනේ ලගින්නේ
පාළුව හෙමින් මගෙ පැලටත් ඇදෙන්නේ
මේ අටවකයි සඳ අහසේ පිපෙන්නේ
මා සිත ළඟට මැණිකේ පිය නඟන්නේ
ඔබෙ තනි රකින්නයි මා කවි කියන්නේ
ඒ කවියටයි වල් ඌරන් දුවන්නේ
සුළඟේ සීතලට නෙත් ඔබ සොයන්නේ
වෑ කණ්ඩියේ මහ නුග රුක පෙනෙන්නේ
පහළ බෑවුමේ ඉඳලොලු මතුවෙන්නා
හුණු මල්ලෙන් එකක් හෙට මා ගෙන එන්නා
කොළ ඇඹුලකට තෙලටිය දලු කඩන්නා
හිරු එළියට කලියෙන් මා ගෙට එන්නා
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
මෙම ගායනයේදී "ඒ කවියටයි වල් ඌරන් දුවන්නේ" යන්න
වික්ටර් ගයන්නේ 'ඒ තනියටයි වල් ඌරන් දුවන්නේ' යනුවෙනි.
එය සුළු අමතක වීමක් බව සළකන්න.
No comments:
Post a Comment