Friday, April 3, 2015

ඔබයි මා වරාංගනා

ඔබයි මා වරාංගනා
හද පාරාදීසයේ
අම රස ගංගා තරංගා ගලා //
දෑසක ඇරයුම් හී සර හදුනා
ආදරයෙන් මන බැඳුනා

සුපෙම් හැඟුම් අම මීවිතේ
මා උණුසුම් හැමදා ...//
සුවදෙන ජීවන දහනේ
වෙලිලා හසරැලි කඳුළැල්

ලවන් බඳුන් රස සාගරේ
ගී මධු මී පිරිලා ...//
සැතපෙන සිහින වලාවේ
එතිලා රතැඟිලි හුරතල්

ඔබයි මා වරාංගනා
හද පාරාදීසයේ
අම රස ගංගා තරංගා ගලා //
දෑසක ඇරයුම් හී සර හඳුනා
ආදරයෙන් මන බැඳුනා

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව - එම්.කේ. රොක්සාමි
"කොහොම කියන්නද" චිත්‍රපටියෙන්

No comments: