මුවා වුණා සඳත් සිනා සලා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ
නදී ළවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුනා සඳත් සිනා සලා
අතීතයේ කියූ පෙම් කතා සැබෑ වී
එදා වගේ නැගේ මත් කොවුල් සැඳෑ ගී
දෙපා නඟා අපේ කියා ලොවක් සොයාලා
ඇදී යමූ සිතින් බැඳීලා
මුවා වුණා සඳත් සිනා සලා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ
නදී ළවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුනා සඳත් සිනා සලා
සලා උපුල් සිනා මඳ පවන් සැලේවී
වලා රොදක් වෙලා හද ගිමන් නිවාවී
ඉරේ සඳේ කැළුම් ඔබේ නෙතින් ගලා ලා
මගේ ලොවේ විඩා නිවේවා
මුවා වුණා සඳත් සිනා සලා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ
නදී ළවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුනා සඳත් සිනා සලා
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සමග ලතා වල්පොල
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment