Friday, April 3, 2015

පෙර පින් පලදී

පෙර පින් පලදී මෙදියත ඉපදී
මිනිසත් බව හිමිවී
දිවි මග තනිවී ඔබ ගැන සිහිවී
පැතුම් කැකුළු පූදී
පැතුම් කැකුළු පූදී

රොන්සුණු ඉහලා පියවිලි එළලා
රන් මාවත සදලා
තනිව යන්න නම් මේ මල් යායේ
කුමටද ඉඩ ලැබිලා

පෙර පින් පලදී මෙදියත ඉපදී
මිනිසත් බව හිමිවී
දිවි මග තනිවී ඔබ ගැන සිහිවී
පැතුම් කැකුළු පූදී
පැතුම් කැකුළු පූදී

ඇළ දොළ පිරිලා තුරුලිය පිපිලා
පලු පල මල් දරලා
තනිව ඉන්න නම් වසන්ත කාලය
කුමටද උදා වෙලා

පෙර පින් පලදී මෙදියත ඉපදී
මිනිසත් බව හිමිවී
දිවි මග තනිවී ඔබ ගැන සිහිවී
පැතුම් කැකුළු පූදී
පැතුම් කැකුළු පූදී

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහින්ද දිසානායක
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: