මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ
කේලම් කීමෙන් ඕපදූපුයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ
මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙළන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
තනුව - ආර්.ඒ. චන්ද්‍රසේන
4 comments:
බොහොම ස්තුතියි
Therena davasaka
I do not know what you mean by this. I say in response .... ඇති සැටිය, සැබෑ ආකාරය හසු කර ගත නොහෙන, යමක සැබෑව වටහා ගැනීම ආවරණය කරන්නාවූ, කාරණය වරදවන්නාවූ ධර්මය, "මෝහය" වේ. එනිසා, මට වඩා දන්නා කෙනෙක් නැතැයි සිතින් උදම්ව සිටින්නෝ, හැම විටම, හැම තැනම දකින්නේ, අන් සියල්ලලන් කරන දේ වැරදි බවය. මේ ඇත්තෝ අන් අයට පරිභව කරති. එතැනම පරිභවයේ ස්වභාවය හා ආදීනව ද, ගැන බණ ද කියති. උද්දච්ච සිතිවිලි වලින්ම පිරීගත් නිසා, වැටී ඇති මුලාව නොදකී. සත්‍ය මේ යැයි නොපෙනෙන්නේ මෝහාන්දකාරයේ ගිලී ඇති බැවිනි.
"Therena davasaka" යන වචන දෙකට පිළිතුරු ලෙස ....
Post a Comment