Thursday, April 2, 2015

මෝහෙන් මුලා වෙලා

මෝහෙන් මුලා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

කේලම් කීමෙන් ඕපදූපුයෙන්
රට කොටවන වැඩ අවදානම්

උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී

අනුන් හෙළන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
තනුව - ආර්.ඒ. චන්ද්‍රසේන

4 comments:

Pissu pusa said...

බොහොම ස්තුතියි

Unknown said...

Therena davasaka

Gee Arana said...

I do not know what you mean by this. I say in response .... ඇති සැටිය, සැබෑ ආකාරය හසු කර ගත නොහෙන, යමක සැබෑව වටහා ගැනීම ආවරණය කරන්නාවූ, කාරණය වරදවන්නාවූ ධර්මය, "මෝහය" වේ. එනිසා, මට වඩා දන්නා කෙනෙක් නැතැයි සිතින් උදම්ව සිටින්නෝ, හැම විටම, හැම තැනම දකින්නේ, අන් සියල්ලලන් කරන දේ වැරදි බවය. මේ ඇත්තෝ අන් අයට පරිභව කරති. එතැනම පරිභවයේ ස්වභාවය හා ආදීනව ද, ගැන බණ ද කියති. උද්දච්ච සිතිවිලි වලින්ම පිරීගත් නිසා, වැටී ඇති මුලාව නොදකී. සත්‍ය මේ යැයි නොපෙනෙන්නේ මෝහාන්දකාරයේ ගිලී ඇති බැවිනි.

Gee Arana said...

"Therena davasaka" යන වචන දෙකට පිළිතුරු ලෙස ....