Thursday, April 2, 2015

අරුණු රැසක් රැසක් රැසක්

අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුණා උදාවුණා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා

කුසුම් රොන් බරින් සැරසී
තුරු ලතා තුලින් ඉපිලී ...//
රජත කිරණ ධාරාවෙන්
සිනා මවනවා
සිනා මවනවා

අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුණා උදාවුණා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා

සාර බිමක්
සාර දැයක්
සාර හාර නිධානයක් ....//
ඔබේ රුවන් රැස් අතරේ
රැඳී දිළෙනවා
රැඳී දිළෙනවා

අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුණා උදාවුණා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා

තේජ වීර ගුණ වගුරා
පොළෝ තලය පණ ගන්වා ...//
නවෝදයේ රන් මාවත
ළඟා කරණවා
ළඟා කරණවා

අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුණා උදාවුණා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා ...//

ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා ...////

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඩබ්.එම්.ටී. බණ්ඩාර
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: