Thursday, April 2, 2015

අරුණ නැඟෙන වෙලේ

අරුණ නැඟෙන වෙලේ
රෑහි හඬන රැයේ
ඔබේ ගීය රැඳේ
ඇළේ දොළේ විලේ ....//

සසර කතර මිහිර සොයා ඇදී
මලෙක විලෙක මහද ලැගුම් ගනී
ඔබේ හඬින් නුරා දැහැන් බිඳී
පහන් පැතුම් මගේ නුවන් සිඹී

කිවිඳ ඔබය නිරිඳු මනෝ ලෙනේ
ඔබට සෙවණ සදමි මගේ පැලේ
සුසුම් සිහිල් පවන් ලෙසින් සිතා
ඔබේ විමන් වදිමි ලැගුම් සොයා

අරුණ නැඟෙන වෙලේ
රෑහි හඬන රැයේ
ඔබේ ගීය රැඳේ
ඇළේ දොළේ විලේ ....//

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ස්ටැන්ලි පීරිස්

No comments: