Thursday, April 2, 2015

අපි කොයි කවුරුත්

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලිව්වෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ
පීඩිත පංතිය අපේ පංතියයි ඒ කාලේ
සමාජවාදය අපේ පාඩමයි ඒ කාලේ
විප්ලවවාදේ ගුරුවරු අපිමයි ඒ කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලිව්වෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ
සීතල වීදුරු කාමරයක් ඕනෑ රාළේ
ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ
බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ එච්.ආර්. ජෝතිපාල සමග අබේවර්ධන බාලසූරිය
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - සරත් දසනායක
අමල් බිසෝ (1979) සිනමා කෘතියෙන්

No comments: