පොළෝ තලේ තෙමීලා
දුක් ගිණි දැල් නිවී නිවී
සිත් සැනහෙනවා
සිත් සැනහෙනවා ...//
ඝණ මොහඳුර පලාලා
නැණ හිරු එයි නැගීලා ...//
නුවන් පිරී නැණ එළියෙන්
නෙත් හිනැහෙනවා
නෙත් හිනැහෙනවා
අමා ගඟක් ගලාලා
පොළෝ තලේ තෙමීලා
දුක් ගිණි දැල් නිවී නිවී
සිත් සැනහෙනවා
සිත් සැනහෙනවා
මෙත් පිණි දිය ඉසීලා
සක්වල මල් පිපීලා ...//
ඒ ලොව්තුරු සුවඳ ගඟේ
සත කිමිදෙනවා
සත කිමිදෙනවා
අමා ගඟක් ගලාලා
පොළෝ තලේ තෙමීලා
දුක් ගිණි දැල් නිවී නිවී
සිත් සැනහෙනවා
සිත් සැනහෙනවා
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - දයා ද ෆොන්සේකා
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment