Thursday, April 2, 2015

අමා දහර දිය ගලා ගාලා

අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා ...//
දහම් සුවඳ මල් දසතම පතුරා
සියළු කෙලෙස් මැඬ බුදු වූවා
සියළු කෙලෙස් මැඬ බුදු වූවා

අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ ...//
සියලු සතුන් වෙත දහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
කරුණාබර නෙත් නිවී ගියා

අමා දහර දිය ගලා ගාලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - පුන්‍යසිරි මහවත්ත
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: