ආ මග වැරදී යන මං නොපෙනේ
තනිවී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඬලේ
සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
දං පඳුරේ මංකඩ ළඟ ගොම්මන් අඳුරේ
දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ
හඬා දොඩා කීවත් දුක කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ
සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ ...//
ගායනය - අමරසිරි පීරිස් සහ ශෂිකා නිසංසලා
පද රචනය - වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය - නවරත්න ගමගේ
සඳගලතැන්න ටෙලි නාට්‍යයේ තේමා ගීය.
No comments:
Post a Comment