Monday, March 30, 2015

චාරු දේහේ නුරා

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ ...//
චාරු දේහේ නුරා

පිහින පීනා රසෝඝේ
සාරාගී විලේ රාත්‍රී යාමයේ ...//
ඈගේ දෑසේ ප්‍ර‍බෝධේ
නුරා ගී නැඟේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මී වනේ

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ
චාරු දේහේ නුරා

සීත මිහිදුම් වලාවෝ
වෙලීලා සඳේ තාරකාවේ ...//
මිහිතලාවේ තුසීතේ
මැවේ මා හදේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මී වනේ

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ ....//
චාරු දේහේ නුරා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - අමරසිරි පීරිස්

No comments: