Thursday, April 2, 2015

බනින්නෙපා පොඩි දෝණිට

බනින්නෙපා පොඩි දෝණිට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි ...//

දුරුතු පෝය දා කැලණි විහාරේ
වඳින්න ගොස් අප එන ගමනේ
වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ
සෙල්ලම් බත් උයන්නයි
සෙල්ලම් බත් උයන්නයි

බනින්නෙපා පොඩි දෝණිට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි

මුට්ටි වළං පොඩි ලිප උඩ තියලා
සෙල්ලම් බත් උයලා දෙන්නයි
අපි දෙන්නාටම ඉන් බත් කට කට
දුවගෙ අතින් කවන්නයි
දුවගෙ අතින් කවන්නයි

බනින්නෙපා පොඩි දෝණිට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
 

No comments: