Monday, September 16, 2019

වන්නම් සවුදම් ගායන



වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

ඉහළු ගමින් කෝ (හෙයි)
වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හෙයි)
බලල්ලා
බලල්ලා දිස්නෙ නඟෝ
මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ
මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ

වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

කනට දෙමික්කන්
පයට පදක්කම්
මම දෙඤ්ඤා
මම දෙඤ්ඤා


කනට දෙමික්කන්
පයට පදක්කම්
මම දෙඤ්ඤා
මම දෙඤ්ඤා

ආලවන්තයා මං බහක් දියං නංගෝ
ආලවන්තයා මං බහක් දියං නංගෝ
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

 

නැඟෙන හිරට රන් කරල් නැමෙන්නේ
පිණට නුඹේ
පිණට නුඹේ



නැඟෙන හිරට රන් කරල් නැමෙන්නේ
පිණට නුඹේ
පිණට නුඹේ
 


ආලවන්තයා මං බහක් දියං නංගෝ
ආලවන්තයා මං බහක් දියං නංගෝ
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ගයමුව යාළුව මා හා

 

ඉහළු ගමින් කෝ (හෙයි)
වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ

පේරැස් මුදුවේ (හෙයි)
බලල්ලා
බලල්ලා දිස්නෙ නඟෝ

මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ
මහබඹා මැව් රන් පබාවතී ළඳ දෝ

වන්නම් සවුදම් ගායන (වන්නම් සවුදම් ගායන)
සූරිය මණ්ඩල සේමා (සූරිය මණ්ඩල සේමා)
වන්නම් සවුදම් ගායන (වන්නම් සවුදම් ගායන)
සූරිය මණ්ඩල සේමා
ගායනය - ලයනල් රන්වල සහ පිරිස
ගායන වෘන්දය (පිරිමි)
ගායන වෘන්දය (කාන්තා)
නාද රටා අදියුරු සැකසුම - ලයනල් රන්වල
ජාතික රූපවාහිනිය මොණරාගල දිස්ත්‍රිකය පුරා ගවේෂණයෙන් එක් රැස් කර ගත් ජන ගී ගායනා හා නාද මාලා ඇසුරින්, වරුණ ලේල්වල අධ්‍යක්ෂණය කළ, 'අපේ කම' වැඩසටහන වෙනුවෙන් ලයනල් රන්වල ශූරීන් විසින් 1997 දී නිර්මාණය කළ ගීයකි.



Wannam Sawudam Gayana - Lionel Ranwala

No comments: