Wednesday, September 11, 2019

ඇහුවම කන් පිරෙණා


ඇහුවම කන් පිරෙණා
පොඩි මස්සිනේ
නයි මිරිසක් වාගේ
ඇගෙ කෑමුරේ
නයි මිරිසක් වාගේ


දුටුවම හිත පිරෙණා
ලොකු මස්සිනේ
වංගෙඩියක් වාගේ
ඇගෙ රූ සිරී
වංගෙඩියක් වාගේ


නෙළුමේ සීපද අහන්ට කදිමයි
දෑතේ වැඩපල සුරුවම් වාගෙයි


වචනෙ කට සැර මී සේ වූවයි
සිරුරේ හැඩ පිල් නැටුවා ගාණයි


නයි මිරිසක් වාගේ
වංගෙඩියක් වාගේ
නයි මිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගෙයි


ඇහුවම කන් පිරෙණා
පොඩි මස්සිනේ
නයි මිරිසක් වාගේ
ඇගෙ කෑමුරේ
නයි මිරිසක් වාගේ


දුටුවම හිත පිරෙණා
ලොකු මස්සිනේ
වංගෙඩියක් වාගේ
ඇගෙ රූ සිරී
වංගෙඩියක් වාගේ


බොරුවේ උපතයි අපෙ කපු උන්දා
කවදා පිහිටක් වේවිද මන්දා


සොයලා දෙනකල් ඉන්නද හැමදා
දන්නා යකු ඇයි නරකද මන්දා


නයි මිරිසක් වාගේ
වංගෙඩියක් වාගේ
නයි මිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගෙයි


ඇහුවම කන් පිරෙණා
පොඩි මස්සිනේ
නයි මිරිසක් වාගේ
ඇගෙ කෑමුරේ
නයි මිරිසක් වාගේ


දුටුවම හිත පිරෙණා
ලොකු මස්සිනේ
වංගෙඩියක් වාගේ
ඇගෙ රූ සිරී
වංගෙඩියක් වාගේ


නයි මිරිසක් වාගේ
වංගෙඩියක් වාගේ
නයි මිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගෙයි


ගායනය - බන්දුල විජේවීර සහ ලයනල් රන්වල සමග රන්වල බලකාය
පද - සිසිර දිසානායක
තනුව - ලයනල් රන්වල


Ehuwama Kan Pirena (Nai Mirisak Wage) - Lionel Ranawala & Bandula Wijeweera

No comments: