Wednesday, December 19, 2018

ගගනෝදරේ



ගගනෝදරේ මුළු රෑ පුරා
සඳ සීතලේ ගැඹුරේ
අරුණෝදයේ වන මායිමේ
මල් මාලතී හැඬුවේ
අඳුරේ තනිවී
තරුවක් සුසුම් හෙලුවේ

නෙක පාට වලාවෙක වල්මත් වී ගිය
තරුවට අමතක පෙම් පුවතේ ...//
මතකේ අවදිවී යළි එන දා
පෙර මං සලකුණු නොමැතේ

ගගනෝදරේ මුළු රෑ පුරා
සඳ සීතලේ ගැඹුරේ

දුර මන්දාකිණියේ තරු අතරේ
මැළැවුණු ඔබෙ රුව නෙත ගැටුණේ ...//
ගිම්හානයේ ඔබ සමුගත් දා
උණුසුම දෙතොලේ සිඳුණේ

ගගනෝදරේ මුළු රෑ පුරා
සඳ සීතලේ ගැඹුරේ
අරුණෝදයේ වන මායිමේ
මල් මාලතී හැඬුවේ
අඳුරේ තනිවී
තරුවක් සුසුම් හෙලුවේ

ගායනය - උපාලි කන්නංගර
පද - ඉන්ද්‍රානි බොතේජු
තනුව - උපාලි කන්නංගර

No comments: