Wednesday, December 19, 2018

නිදි නැති දෑසේ



නිදි නැති දෑසේ
ඔබෙ වත පෙරසේ
හිනැහෙයි රහසේ පැතුම් මවා
සැමරුම් සිහිවේ
මතකය පෑරේ
කෙළෙස හිඳිම්දෝ සිත රවටා ....//
කෙළෙස හිඳිම්දෝ සිත රවටා

මගේ ලොවේ සඳුවී හිනැහෙන්නට
අනාගතේ මංපෙත සාදන්නට
ඔබට වරම් නැති වුවත් ළඳේ
වෙනසක් නෑ මගෙ සෙනෙහෙ හදේ
රෝස වසන්තේ මිලින වෙලා අද
අපි දෙදෙනා දෙතැනකට වෙලා //

නිදි නැති දෑසේ
ඔබෙ වත පෙරසේ
හිනැහෙයි රහසේ පැතුම් මවා
සැමරුම් සිහිවේ
මතකය පෑරේ
කෙළෙස හිඳිම්දෝ සිත රවටා //

මව්පියො අභිමුව ඔබ අසරණ බව
අනිකෙකු අත ගෙන ඔබ යා යුතු බව
නෙත කඳුළෙන් වුව පිළිගන්නම්
මෙය නම් දෛවේ නොසැලෙන්නම්
ඔබට සොඳුරු නව ලොවක් පතා මා
මගේ මිලින ලොව තනිවෙන්නම් //

නිදි නැති දෑසේ
ඔබෙ වත පෙරසේ
හිනැහෙයි රහසේ පැතුම් මවා
සැමරුම් සිහිවේ
මතකය පෑරේ
කෙළෙස හිඳිම්දෝ සිත රවටා ////.

ගායනය - උපාලි කන්නංගර
පද - ලලිත් වසන්ත
තනුව - උපාලි කන්නංගර

No comments: