Tuesday, April 7, 2015

සමකෝණි ත්‍රිකෝණයකි


සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා //
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි ..//

දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි ...//

සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

සමච්ජේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා ...//

අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ...//

සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා //
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


Samakoni Thrikonayaki - Dayarathna Ranathunga

No comments: