Tuesday, April 7, 2015

සරා සඳට අප අමතක වුණාවේ


සරා සඳට අප අමතක වුණාවේ
වළාකුළු යහන් ගැබ සැඟවුණාවේ
තරු මලානික රැයේ
නෙතු පියාගත් පැයේ
අපි සිනාසී රැඳී ඉමු හුදකලාවේ
සරා සඳට අප අමතක වුණාවේ

දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ
බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ
තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ
සීත සඳ රැයේ

සරා සඳට අප අමතක වුණාවේ
වළාකුළු යහන් ගැබ සැඟවුණාවේ
තරු මලානික රැයේ
නෙතු පියාගත් පැයේ
අපි සිනාසී රැඳී ඉමු හුදකලාවේ
සරා සඳට අප අමතක වුණාවේ

තුරුලිය නෑ කථා වුණේ නිසොල්මනේ
තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ
හිරු යළි පායලා බිඳින්නෙපා
පෙම් දැහැන් හදේ

සරා සඳට අප අමතක වුණාවේ
වළාකුළු යහන් ගැබ සැඟවුණාවේ
තරු මලානික රැයේ
නෙතු පියාගත් පැයේ
අපි සිනාසී රැඳී ඉමු හුදකලාවේ
සරා සඳට අප අමතක වුණාවේ

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - සිසිර කුමාර බණ්ඩාරගම
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.
Sara Sandata Apa Amathaka Wunawe - Dayarathna Ranathunga

No comments: