Thursday, August 15, 2019

සුවඳ මලක් වෙන්න බැරිද


සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න
පිපී පිපී නෙත් විල මැද බමරා සනසන්න
සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

හැළෙන දොළෙන් ගලන ගඟෙන්
කිරි පෙණපිඬු වෙන්නම්
දෝත පුරා දිය බිඳ බිඳ
බොනු දැක සැනසෙන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

සුසුම් වැලෙන් සුසුම් වැලට
ඔබේ සුසුම් බොන්නම්
අදෙරයේ පණිවුඩ දී
සුළඟක් වී එන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

සිහින වලාකුළු එවලා
නිදි සුව ගෙන දෙන්නම්
ආශාවේ තොරන් මැදින්
ඔබ ජයගෙන ඉන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න
පිපී පිපී නෙත් විල මැද බමරා සනසන්න
සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

ගායනය - නාලිනී රණසිංහ
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


Suwanda Malak Wenna Berida - Nalini Ranasinha

No comments: