Tuesday, July 23, 2019

බිඳුණු පෙමක විරහ විරාමේ


බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැණුනේ

ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ


සුසුමේ උණුසුම ලබමින් නෑ ළතවන්නේ
ඈත මතකයෙන් වෙන් වී මා ළඟ ඉන්නේ

හිත නෑ දැන් තනිවම ඉන්නේ
මැණිකේ මා ළඟ හිනැහෙන්නේ


බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැණුනේ

ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ


හද සෙවණේ සිසිල පුදා විඩා නිවන්නේ
මගේ පෙමිනි සුහද ඔබේ දිවි එළිවන්නේ

හද සෙවණේ සිසිල ලබන්නේ
ඔබේ පෙමිනි යලි උපදින්නේ


බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැණුනේ

ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ


ගායනය - ස්වර්ණලතා කවීශ්වර සමග පුන්සිරි සොයිසා
පද - කුසුම් පීරිස්
තනුව - සංගීතය - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු

No comments: