Tuesday, July 23, 2019

දිගු නෙත් හසරැල්ලේ


දිගු නෙත් හසරැල්ලේ
මා සැනසුණ දවසේ
මේ නෙතු නවතා
මගෙ හිත අමතා
හිරු හිනැහුණ උදයේදී
ආදරයද මට කීවේ

උදේ හවා කල ගෙවෙන තුරාවෙදි
පටු මාවත් අතරේ
තුරුලිය හෙවණේ සිහිලස ලබමින්
ගත කළ සොඳුරු පැයේ
මල් හිනැහුණ උයනේදී
ආදරයද මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ
හිත රිදවුණ දවසේ
උණුසුම් සුසුමින්
නෙතු බොඳ වෙද්දී
සැඩ හිරු නැඟි මද්දහනේ
ආදරයද මට කීවේ

දෙදෙනා ආ මඟ
අද මා තනිවම
ඔබ නැහැ මගෙ හෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැණසෙනු ඔහු හෙවණේ
ප්‍රේමය රුදු සිහිනයකී
ආදරයයි මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ
අප වෙන්වුණ දවසේ
මා නෙතු හඬවා
ඔහු හද සනහා
හිරු වැළපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ

ගායනය - දයාරත්න පෙරේරා
පද - කුසුම් පීරිස්
තනුව - අජිත් ජයවීර


පැරණි ගීය

 

නව ගීය

No comments: