බිංදු බිංදු අම මී බිංදූ
රැන්දු රැන්දු දෙතොලේ රැන්දූ
මන්ද මන්ද ඔබ අද වෙන්වී
එන්න එන්න පියමැන ළංවී
කැන්දු කැන්දු සිතු සිතු වාරේ
වින්දු වින්දු මිහිරි සමීරේ
දුන්න දුකට ඔබ මට නොසිතා
යන්න ගියෙමි පෑ අත නොපතා
බිංදු බිංදු අම මී බිංදූ
මේ ගී ගැයු මිණි වීණා බිඳිලා
තත් මැද මා හෙළු කඳුළැලි මිදිලා ...//
රෑ දුටු සිහිනෙකි ගෙවුණු අතීතේ //
දල්වමු යලි අපි මධුර ප්රදීපේ
බිංදු බිංදු අම මී බිංදූ
වතට දෙනෙත මෙනි මා ළඟ උන්නේ
ඔබට නොමැත ආදරෙ වැටහෙන්නේ ...//
මැරුණු අතීතය එලෙස මැකේවා //
යළිදු ඔබේ හිත මා සතු වේවා
බිංදු බිංදු අම මී බිංදූ
රැන්දු රැන්දු දෙතොලේ රැන්දූ
මන්ද මන්ද ඔබ අද වෙන්වී
එන්න එන්න පියමැන ළංවී
බිංදු බිංදු අම මී බිංදූ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සහ ආර්. චිත්රා
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
මිල්ටන් ගැයූ ප්රථම යුග ගීය මෙයයි.
1969 දී නිකුත් කළ Best Hits of Milton Mallawarachchi EP තැටියට අඩංගු වූ ගීයකි.
තැටි අංකය Philips JVPC 1061
No comments:
Post a Comment