Monday, April 13, 2015

අන්සතු වී ඇත

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජදහනේ
මින් පෙර ඒ සිත
හැම මොහොතකදිම
මා ළඟමය රැඳුනේ

කොතැනදී හෝ ඔබ
මා දුටු මොහොතක
නොදොඩා සැඟවී ඉන්න එපා
සිතුනේනම් යළි මා වෙත එන්නට
නොපෙනී නෑවිත් ඉන්න එපා

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජදහනේ
මින් පෙර ඒ සිත
හැම මොහොතකදිම
මා ළඟමය රැඳුනේ

යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කඳුළැල් දෙන්නේ නම්
දෙතොලින් කීවද
රුධිරෙන් ලීවද
ඵල නැත සිත යළි නොබැඳේනම්

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජදහනේ
මින් පෙර ඒ සිත
හැම මොහොතකදිම
මා ළඟමය රැඳුනේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්

No comments: