Monday, April 13, 2015

දෑස රිදෙනවා


දෑස රිදෙනවා
පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා ....//

සුරතේ අත තියලා
මට සහතික කරලා ...//
හෙට හවසට ආයේ
අප හමුවෙමු කීවා

දෑස රිදෙනවා
පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා

නිදි නැති රෑයාමේ
එකම රැයයි ගෙවුණේ ...//
අවුරුද්දක් වාගේ
ඒ එක රැය දැනුනේ

දෑස රිදෙනවා
පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා ....//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - දයා ද ෆොන්සේකා
තනුව - උපාලි කන්නංගර

No comments: