Sunday, April 12, 2015

මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගීතය


සක්වල රත්වෙන පළිඟු තලාවක සාගර එළියෙන් දැවුණා
රූකඩ මහ ගස් දෙපල සැදීලා සෙවණැලි හැම තැන වැටුණා
සෙවණැලි හැම තැන වැටුණා

ලස්සණ කැටයම් තට්ටු ගෙවල් වල
තාප්ප වටකර ඇත්තේ
පිම්මෙන් පැනලා සුන්දර කෙල්ලන්
දුවමින් නටමින් ඉන්නේ

ඉස්සෙන පැද්දෙන නලියන උකුලැති
කාලෙට ගැලපෙන පාටින් හැඩවෙන
රට කෝලං ඇති ගෑණුන්ගේ හැටි
දන්නවාද උඹ

ඉවක් බවක් නැහැ ජීවිත කතරේ
..... ......... ............. පස්සෙන් යන්නේ
කෙල්ලන් පස්යෙන් ඇහැ නැති ඉස්සන්
වාගෙයි කොල්ලන් යන්නේ

චන්ද්‍රිකාවයි තිරික්කලයයි එකම කාලෙක පෙරළෙනවා
ලෝකේ තාමත් කැරකෙනවා දන්නවාද උඹ බන්දූ

අව්වයි වැස්සයි ගො‍නාට උරුමයි වෛර පණේ පිට එන්නේ
ගැටෙන ගැටෙන කුර පහරෙන් නැළවෙන ජීවිත කර ගහගෙන යන්නේ
ජීවිත කර ගහගෙන යන්නේ
ජීවිත කර ගහගෙන යන්නේ
ජීවිත කර ගහගෙන යන්නේ

ගායනය – එම්.එස්. ප්‍රනාන්දු සහ මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සිරිල් හෙට්ටිගේ
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
1971 තිරගතවූ "පූජිතයෝ" චිත්‍රපටියෙන්..
වඩා හොඳ තත්වයේ ගීයක් සොයා උත්පතනය කරන තුරු මේ ගීය  අහන්න.

 

1971 ජනවාරි මාසයේ පූජිතයෝ සිනමාහල් වල ප්‍රදර්ශනයට නිකුත් කෙරුණා. එම වසරේ මාර්තු මාසයේදී මිල්ටන් ගේ දෙවන පසුබිම් ගායනයත් අසන්නට ලැබුණා. ඒ "රන් ඔන්චිල්ලා " චිත්‍රපටයට ගැයූ මේ ගීය..

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ

අනඟ බැල්මකින් බල බල
පා බැඳි කිංකිණි සල සල
සලිත ලලිත නියදි මවා නටපන් නෑනෝ
නටපන් නෑනෝ

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ

රතට රතේ දෙතොල රඳන
උකුළු මුකුළු කැකුළු පෙරණ
දකින දකින නයන බඳින මොණර කිකිළියේ
මොණර කිකිළියේ

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ

පැද්දෙන පෙරළෙන නැටුමට නිගා දෙවයි හැඩ සුරලට
මෙහෙම රැඟුම් තියෙන ලොවක රස කලතනවා
රස කලතනවා

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ

තෝඩු යුවල සොළව සොළව
දෙබැම රුවට නළව නළව
ගොළු බසකින් කියන රහස හැඟුම් මවනවා
හැඟුම් මවනවා

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
1971 තිරගතවූ "රන් ඔන්චිල්ලා" චිත්‍රපටියෙන්..
(මල්ලිකා කහවිට ඇන්ජලීන් සමගින් ගායනා කරන "රන් කෙන්දෙන් රනින් සැදූ රන් ඔන්චිල්ලා" නම් ගීය අඩංගු වෙන්නෙත් මේ චිත්‍රපටියේමයි.)



 ෴

No comments: