Sunday, April 12, 2015

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ ප්‍රථම කැසට්‌ පටිය

'Milton Anytime Anywhere' ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ ප්‍රථම කැසට්‌ පටියයි. මිල්ටන් මල්ලවාරච්චි ගේ ගී 12 ක් අඩංගු වූ මේ කැසට්‌ පටියේ, නිෂ්පාදනය හා බැඳුණු අතීත කතාව මෙසේයි.
"තරංගා" අධිපති විජය රාමනායක මහතා ලංකාවේ මුල්ම කැසට් පටය සඳහා තෝරාගෙන සිටියේ වික්ටර් රත්නායකයි. එම කටයුත්ත සඳහා වර්නන් පෙරේරා ද සමගින් වික්ටර් හමුවීමට ගියත් විජය රාමනායකට වික්ටර් හමුවීමට නොලැබුණේය. ආපසු එන ගමනේ දෙදෙනා මිල්ටන්ව හමුවී මේ අදහස ඉදිරිපත් කළේය. මුළදී මිල්ටන් වැඩි මනාපයක් නොදැක්වූයේ කැසට් පටිය නම් නව නිෂ්පාදනය අමුත්තක් වූ බැවිනි. කෙසේ නමුත් මිල්ටන් කැමති කරවා ගැනීමට විජය රාමනායක මහතා සමත් විය. එය මිල්ටන් ටද වාසනාව ගෙනාවේය. මෙලෙසින් 1977 දී මෙ රට නිෂ්පාදිත ප්‍රථම කැසට්‌ පටිය 'තරංගා' ලේබලයෙන් යුතුව එළි දැක්විණ.

මේ එම කැසට් පටයේ  'A'  පැත්තේ ගොනුවූ ගී හයයි.

1. පෙර එක දවසක
2. ඔබ දැන් කීවත්
3. ඔබ වෙනුවෙන් මා
4. සැන්දෑ යාමේ
5. දෙනෝ දහක් ගැවසෙන
6. සිනහ රැල්ල

ඉහත ගී හයේ තනු හා සංගීත නිර්මානය කළේ  සරත් දසනායකයි.

කැසට් පටියේ අනෙක් පස ( 'B'  පැත්තේ) අඩංගු වූ ගී හය.

1. සඳෙන් එහා
2. දුවේ හර්ෂණී
3. මා තනිවෙලා
4. සඳළුතලේ
5. රන් හිරු කැරැල්ලේ
6. මා නොසිතූ දේ

මෙම ගී හය ක්ලැරන්ස් විජේවර්ධනගේ තනුවලින් හා සංගීත සංයෝජනයෙන් ද සැරසිණ.
(කැසට් කවරයේ ඡ්‍යයාරූපය sl-unlimited.com වෙතිනි)

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

ආල හැඟුම් දෙන කොමල හිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කළා සේ
නීල නුවන් වැටි දෑල වලින් ඔය
තවත් ලොවක්‌ ඔබ එළිය කළා වේ

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

එකම වරක්‌ හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක්‌ නොව එක හෝරාවක
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය - සරත් දසනායක



ඔබ දැන් කීවත් කඳුළු සළා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙනු මුලා

ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
යන්නද කතාකළේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ

ඔබ දැන් කීවත් කඳුළු සළා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙනු මුලා

ලස්සන මල් පෙති දෑතක පොඩිවුණ
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුණ
මගෙ හද නෙරපනවා

ඔබ දැන් කීවත් කඳුළු සළා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙනු මුලා

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - චිත්‍රානන්ද අබේසේකර
තනුව හා සංගීතය - සරත් දසනායක



ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා ...//
ඔබ මුව පියුමේ
තොල්පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැඟේ නෙත රැයද දිවා ...//
ඔබ මුව පියුමේ
තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ‍

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
තනුව හා සංගීතය - සරත් දසනායක




සැන්දෑ යාමේ රන්තරු යායේ
චංචල රේඛා පාවී යාවී
මේ ගංගාවේ .... පාවී

අඳුර උතුරා ඉවුරු යායේ රෑහී ගී විසිරේ
පෙර සේ පායා සඳුනේ නාවේ .... - ඇයිදෝ

සැන්දෑ යාමේ රන්තරු යායේ
චංචල රේඛා පාවී යාවී
මේ ගංගාවේ .... පාවී

මසිත සැළෙනා නිසල යාමේ කොහෙද ඔබ ඉන්නේ
පෙරදා වාගේ ලඳුනේ නාවේ ... - ඇයිදෝ

සැන්දෑ යාමේ රන්තරු යායේ
චංචල රේඛා පාවී යාවී
මේ ගංගාවේ .... පාවී

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - සරත් දසනායක


 ෴
දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරණු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ ...//
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසැල් ගිය හැටි සිතට නැඟේ

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරණු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ ...//
ශිල්ප සතර රැඳුනේ නෑ මා සිත
ඒ හින්දයි අප දුරස් වුනේ

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරණු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - විජය රාමනායක
තනුව හා සංගීතය - සරත් දසනායක
Anyone who has the link can play this song in your "Smart Phone"



සිනා රැල්ල සිසි කිරණේ
ලෙළෙන සැළෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරිලතා
ඔමරි ලතා නාරිලතා
අඩ බැල්මට වසඟ වුණේ

මලට ඇදෙන බඹර නලා
හඬා මිහිර දෙගොඩ තලා
අපේ ජීවිතේ සනසයි විනෝද මිහිරේ
නුරාව ඉතිරේ

සිනා රැල්ල සිසි කිරණේ
ලෙළෙන සැළෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරිලතා
ඔමරි ලතා නාරිලතා
අඩ බැල්මට වසඟ වුණේ

ගමට පහන මැණික වගේ
පැළට සුවඳ කැකුළ වගේ
මගේ ආදරේ වඩවයි දයාව මුහුණේ
ලතාව ගමනේ

සිනා රැල්ල සිසි කිරණේ
ලෙළෙන සැළෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරිලතා
ඔමරි ලතා නාරිලතා
අඩ බැල්මට වසඟ වුණේ

කුමුදු මලක සුවඳ නැඟේ
සුමුදු දෙතොල සැළෙන අගේ
මගේ පෙම් හදේ සැඟවෙයි මිලාන දෑසේ
සිනාව රහසේ

සිනා රැල්ල සිසි කිරණේ
ලෙළෙන සැළෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරිලතා
ඔමරි ලතා නාරිලතා
අඩ බැල්මට වසඟ වුණේ

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - චිත්‍රානන්ද අබේසේකර
තනුව හා සංගීතය - සරත් දසනායක
Anyone who has the link can play this song in your "Smart Phone"



සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ

මා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාළු සීතේ ලා මීදුමේ
තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ

සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ

දෑතේ වෙලීලා මා හා බැඳී
දෑසේ කතාවේ යාවී රැඳී
තනිකම නිවා දිවියේ පාළු යාමේ
පසුදා උදේ ඈ වෙන් වී ගියේ

සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
Anyone who has the link can play this song in your "Smart Phone"



හෙමින් සැරේ පා නඟනා
දුවේ හර්ෂණී
සිනාසිසී දඟ කරනා
දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

ජීවිතයේ මාළිගාව
සතුට පුරා දී මනාව
වාසනාව මට ගෙනාව
කැකුළු සුවඳ කිරි සිනාව
මල් සුවඳයි
පින් සුවඳයි

හෙමින් සැරේ පා නඟනා
දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

රෝස මලක පාට ගෑව
ආකාසේ හැන්දෑවක
ඇත ඇදෙන කුරුළු රෑන
ගයන ගීත ඉල්ලාගෙන
මුමුණන්නම්
නළවන්නම්

හෙමින් සැරේ පා නඟනා
දුවේ හර්ෂණී
සිනාසිසී දඟ කරනා
දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
Anyone who has the link can play this song in your "Smart Phone"



මා තනිවෙලා
අහසේ සඳු වගේ
කෙසේ පවසමි සිතුවිලි
කෝ ඇගෙ සිනා
අද නෑ ඒ වගේ
මා දැන් කෙසේ ඉවසමි

කෝ මා පැතූ
ඔබේ ආදරේ
මා දැන් කෙසේ සැනසෙමී
හැඬුවේ ඔබ නිසා
වැළපෙමී

මා තනිවෙලා
අහසේ සඳු වගේ
කෙසේ පවසමි සිතුවිලි
කෝ ඇගෙ සිනා
අද නෑ ඒ වගේ
මා දැන් කෙසේ ඉවසමි

එපා යයි කියා
නොකීවේ ඔයා
මා නොදනිමී ඇයි කියා
සොදුරේ නොදනිමී ඇයි කියා

මා තනිවෙලා
අහසේ සඳු වගේ
කෙසේ පවසමි සිතුවිලි
කෝ ඇගෙ සිනා
අද නෑ ඒ වගේ
මා දැන් කෙසේ ඉවසමි

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
Anyone who has the link can play this song in your "Smart Phone"




සඳළුතලේ ඔබ සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ මට සිතුණා

ඔබ මා සතු නම්
වෙන සැප කුමටද
ම සිත සැළෙයි ඔබ දුටුව පැයේ
පුලින තලාවක ඇඳිරි වෙලාවක
සිතුවිලි කුටියේ සිහින රැයේ

රජ මැදුරක ඔබ සැතපෙන යහනක
සුව පහසුව නැත මගෙ කුටියේ
එනමුදු ඔබහට බැඳි මා සෙනෙහස
දිවි ඇති තුරු මා හදෙහි තියේ

සඳළුතලේ ඔබ සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ මට සිතුණා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
Anyone who has the link can play this song in your "Smart Phone"

 ෴

රන් හිරු කැරැල්ලේ
නිල් තණ පියල්ලේ
පවනැලි තුරුල්ලේ
මුදු සැන්දෑ යාමේ

මල් තුරු සඳැල්ලේ
සන්සුන් කැදැල්ලේ
හැංගෙමු නිදැල්ලේ
නිල් වන රේඛාවේ

තරු රෑණ පායලා
මද සීත යාමයේ
සිත යාවි පාවෙලා
සිසිලේ සැළී

රන් හිරු කැරැල්ලේ
නිල් තණ පියල්ලේ
පවනැලි තුරුල්ලේ
මුදු සැන්දෑ යාමේ

මල් තුරු සඳැල්ලේ
සන්සුන් කැදැල්ලේ
හැංගෙමු නිදැල්ලේ
නිල් වන රේඛාවේ

වැතිරී නදී තෙරේ
මුදු සීත මීදුමේ
ඇකයේ වෙලී රැඳී
ඉමු පාළුවේ

රන් හිරු කැරැල්ලේ
නිල් තණ පියල්ලේ
පවනැලි තුරුල්ලේ
මුදු සැන්දෑ යාමේ

මල් තුරු සඳැල්ලේ
සන්සුන් කැදැල්ලේ
හැංගෙමු නිදැල්ලේ
නිල් වන රේඛාවේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
Anyone who has the link can play this song in your "Smart Phone"



මා නොසිතූ දේ
සිතුවා සේ දැණුනාදෝ
මා නොකියූ දේ
කීවා සේ සිතුවාදෝ
සිත බිඳුනේ කෙලෙසින්දෝ
සිත බිඳුනේ කෙලෙසින්දෝ

ඇල් පවනේ යා වෙලා
මල් වියනේ පා නඟා
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ

මා නැති යාමේ
කොතැනක හෝ ඇදුනාදෝ
ඒ ඇසුරේදී
අන් දෑතේ වෙළුනාදෝ
සිත බිඳුනේ කවදාදෝ
සිත බිඳුනේ කවදාදෝ

ඇල් පවනේ යා වෙලා
මල් වියනේ පා නඟා
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ

ඒ සැන්දෑවේ
කඳුයායේ දොළ පාරේ
මා සෙවණේදී
තෙපලූ දේ ගොළුවීදෝ
සිත බිඳුනේ කෙලෙසින්දෝ
සිත බිඳුනේ කෙලෙසින්දෝ

ඇල් පවනේ යා වෙලා
මල් වියනේ පා නඟා
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
Anyone who has the link can play this song in your "Smart Phone"



No comments: