Friday, April 10, 2015

මිල්ටන් මල්ලවාරච්චි ගේ තැටිගත කළ පළමු ගී හතර

මෙම ගී හතර, නිකුත් වූයේ 1969 වසරේ දී තැටි දෙකක් වශයෙනි.

Philips ලේබලයෙන් යුත් 78 rpm වේගයෙන් ධාවනය වන ග්‍රැමෆෝන් තැටි දෙකේ නිෂ්පාදන කටයුතු කළේ පැට්‍රික් කොරයා මහතායි.

තැටි අංක JVPC1016

තැටි අංක JVPC1017

(ගී ශ්‍රවන පිටුවට යොමු වීමට "ගී සිරස" මත ක්ලික් කරන්න)



මංගලේ නෙත් මංගලේ

මංගලේ නෙත් මංගලේ
හංස දේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනූ සිතු සේ ජලේ ...//
මංගලේ නෙත් මංගලේ

සීතලේ ගැහෙනා හදේ මේ
උණුසුමේ සුව දී මවා
නිසසලේ රැඳෙනූ සිනාසී
නො පියඹා උදයේ හවා
දෑසෙ බැල්මයි නීල කැල්මයි //
මත් කරයි තවුසා පවා //

මංගලේ නෙත් මංගලේ
හංස දේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනූ සිතු සේ ජලේ
මංගලේ නෙත් මංගලේ

ආදරේ නමැතී පොතේ හි
මුල් පිටේ රූපේ ඔබයි
ඒ පොතේ ලියවී තිබෙන්නේ
මා හිතේ ආශා තමයි
කියනු ළංවී බලමු ළංවී //
නැකත පෑහෙනවා සුබයි//

මංගලේ නෙත් මංගලේ
හංස දේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනූ සිතු සේ ජලේ
මංගලේ නෙත් මංගලේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - මොහොමඩ් සාලි

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
තොටියෙකි මා මේ සීතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ

පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළුවෙලා මගෙ ලෝකේ
හෝ ඇයි පාළුවෙලා මගෙ ලෝකේ

තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළුවෙලා මගෙ ලෝකේ
හෝ ඇයි පාළුවෙලා මගෙ ලෝකේ
ඇති තනිය මකාදී
ඇගෙ ඇසුර ලබාදී
සනසන්න හිතේ දුක පහ කරලා

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
තොටියෙකි මා මේ සීතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ

මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ
හෝ කොයි කවුද කියා නැත දන්නේ

ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ
කවුද කියා නැත දන්නේ
හෝ කොයි කවුද කියා නැත දන්නේ
බත රසට උයාලා
කොළපතට බෙදාලා
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
තොටියෙකි මා මේ සීතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - මොහොමඩ් සාලි

රන් කූඩුව ඔබ සෑදූ

රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ...//
සන්තෝසය මට පෑදූ
සුදා දැන් කොහේදෝ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

පෑ ආදරේ සුකුමාලියෙ හඳුනන්නෙ මගෙ හිතයි //
ඒ කාලය අද සිහිවෙයි ඉවසන්න බැහැ දුකයි
ඉවසන්න බැහැ දුකයි

රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

සැන්දෑවක සුළඟේ ඔබ සිප ගන්න එමි ප්‍රියේ //
රෑ සිහිනෙක වෙලිලා එමි පිළිගන්න සොඳුරියේ
පිළිගන්න සොඳුරියේ

රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ
සන්තෝසය මට පෑදූ
සුදා දැන් කොහේදෝ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - මොහොමඩ් සාලි

සංසාරෙ සෙවණැල්ල

සංසාරෙ සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා
කලතා පෙරාලා  ....//

ආදර නදියේ ගිලි ගිලි පිරියේ //
පීනා පීනා යමු පෙම්බරියේ //
රළ පාර ඉවසන්න
සැපත ඉදිරියේ
සැපත ඉදිරියේ

සංසාරෙ සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා
කලතා පෙරාලා

මා මඳ සුළඟයි ඔබ මුදු සුවඳයි //
පෑහී පෑහී එකට හමා යයි //
හද මාගෙ පිළිගන්න
එය ඔබගේමයි
එය ඔබගේමයි

සංසාරෙ සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා
කලතා පෙරාලා  ....//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - මොහොමඩ් සාලි

No comments: