Monday, April 20, 2015

ඔරුවක පාවෙන

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
තොටියෙකි මා මේ සීතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ

පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළුවෙලා මගෙ ලෝකේ
හෝ ඇයි පාළුවෙලා මගෙ ලෝකේ

තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළුවෙලා මගෙ ලෝකේ
හෝ ඇයි පාළුවෙලා මගෙ ලෝකේ
ඇති තනිය මකාදී
ඇගෙ ඇසුර ලබාදී
සනසන්න හිතේ දුක පහ කරලා

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
තොටියෙකි මා මේ සීතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ

මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ
හෝ කොයි කවුද කියා නැත දන්නේ

ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ
කවුද කියා නැත දන්නේ
හෝ කොයි කවුද කියා නැත දන්නේ
බත රසට උයාලා
කොළපතට බෙදාලා
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
තොටියෙකි මා මේ සීතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - මොහොමඩ් සාලි

මෙය ග්‍රැමෆෝන් තැටියකට හඬ කැවුණු මිල්ටන්ගේ ප්‍රථම ගී දෙකෙන් එකකි.. එම තැටියේ අනෙක් පස ගීය වූයේ "මංගලේ නෙත් මංගලේ" නම් ගීයයි.
(පිලිප්ස් ලේබලයෙන් යුත් තැටි අංකය EXVEE JVPC1016)

මුල් ගීය 


පසු කලෙක කළ ගායනයක්

No comments: