Monday, April 20, 2015

රැයක් උපද්දා


රැයක් උපද්දා
හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී
හෙට ආයෙත් නැගෙන්නා ...//

අමා වෑහෙනා
සඳේ රෑ වුණා
උතුරා රස මීවිතේ
පිරුණා අද ජීවිතේ

රැයක් උපද්දා
හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී
හෙට ආයෙත් නැගෙන්නා

සරා ගී මුතු
කියා පෑ යුතු ...//
පෙරළා රැළි සාගරේ
ලිව්වා මගෙ ආදරේ

රැයක් උපද්දා
හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී
හෙට ආයෙත් නැගෙන්නා

ගලා ආ රැළී ඇදීලා යළි
වෙරළේ ලියු ආදරේ
පිසදා ඇත සාගරේ

රැයක් උපද්දා
හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී
හෙට ආයෙත් නැගෙන්නා ...//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව - පැට්‍රික් දෙණිපිටිය
"සැණකෙළිය" චිත්‍රපටියෙන් (1974)

No comments: