Monday, April 20, 2015

සිහින මැවේ

සිහින මැවේ කඳුළින් දෑස තෙමේ
මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ
සේද වලා දුහුලින් සේල සැදේ
මා පැතුවේ ඔබ ගෙන යන්නට සිහින ලොවේ

ආදරයේ පෙම් සිහින බිඳ වැටී
මා තනිවුණි දෝ අඳුරේ ...//
ඈතින් ඈතට ගියෙදෝ වෙන්වීලා
මා වෙත නෙත් යුග නොහෙලා

සිහින මැවේ කඳුළින් දෑස තෙමේ
මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ

ඔබේ පැතුම් ලොව නොසිඳිමි කිසිදා
මා තනියම සැනසෙන්නම් ....//
අද වාගෙ මතකයි ඒ කාලේ
ඒ ගැයු ගී වල තාලේ

සිහින මැවේ කඳුළින් දෑස තෙමේ
මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.කේ. රොක්සාමි
1969 දී නිකුත් කළ Hits of Milton Mallawarachchi තැටියට ඇතුළත් වූ ගීයකි
(තැටි අංක Philips EP 1969 - JVPC 1051)

මුල් ගීය

No comments: